5.3 C
New York

සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් ?

Published:

ඩොලර් හිගය හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන ආනයන අර්බුදයට පිළියමක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන ලබාදීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමෙන් වැළකී විශාල පිරිසක් පුද්ගලික රථ වාහන භාවිතය හේතුවෙන් මෙරට ඉන්ධන භාවිතය අනවශ්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ද එබැවින් එය පාලනය කිරීමට සළාක ක්‍රමයක් වඩාත් සුදුසු යැයි ද මෙහි දී සාකච්ඡා වී ඇතත් අමාත්‍ය මණ්ඩලය එම අදහසට කිසිදු කැමැත්තක් ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා වසරකට ‍ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් පමණ මුදලක් වැය වෙයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සඳහන් කරන්නේ ඉදිරි මාස කිහිපයේ දී ඉන්ධන ආනයනය සම්බන්ධ බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි.

Related articles

Recent articles

spot_img