ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ. සිවිල් ඉංජිනේරුවරයකු වන ඔහු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද කටයුතු කරයි.
රාජා එදිරිසූරිය කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල ඇතුළු එහි ප්‍රධානින් කිහිප දෙනෙකු පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජා එදිරිසූරිය සභාපතිවරයා ලෙස පත්කරන ලදී.
ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි රට්ගර්ස් විශ්වවිද්‍යාලයෙන් (University of Rutgers) ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ විශේෂ උපාධියක් ලබා ඇත. කැලිෆෝනියාවේ ලා වර්න් විශ්වවිද්‍යාලයෙන් (University of La Verne) රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇත. කැලිෆෝනියාවේ වෘත්තීය වශයෙන් ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ රාජා එදිරිසූරිය කැලිෆෝනියාවේ චිනෝ නගරයේ වසර 16ක කාලයක් පරිපාලක සහ නගර ඉංජිනේරු යන තනතුරු දරා තිබේ.
2006 වසරේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙසත් , 2009 වසරේ මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපතිද ලෙස කටයුතු කර රාජා එදිරිසූරිය බ්‍රසීලය, පේරු, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව සහ සූරිනාම් යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.