-5.9 C
New York

වත්කම් බිලියන 700 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 58,758ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,493ක් බවට පත්විය.

දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 134කින් ඉහළ ගිය අතර එය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 11,796ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,856යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 635යි, රීසස් එනර්ජි සමාගම රුපියල් මිලියන 484යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණ්‍යක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං සමාගම කොටස් මිලියන 129යි, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් කොටස් මිලියන 93යි, එස්එම්බී ලීසිං (X) කොටස් මිලියන 78ක් ලෙස ද ප්‍රමුඛ විය.

සංවෘත කවය තුළ, වින්ග් ෆෝර්ත් සමාගම කොටස් 1,250,000ක් රුපියල් 18.70 බැගින් ද, එල්අයිඕසී සමාගම කොටස් ලක්ෂ 06ක් රුපියල් 39.70 බැගින් ද, රීසස් එනර්ජි කොටස් 750,000 ක් රුපියල් 35.00 බැගින් ද, එක්ස්පෝ ලංකා කොටස් 80,000ක් රුපියල් 358.00 බැගින් ද ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 270,000ක් රුපියල් 108.00 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ ශ්‍රී ලංකා සමාගම් ඉතිහාසයේ වත්කම් වටිනාකම බිලියන 700 ඉක්ම වූ පළමු සමාගම බිහි වූ අතර ඒ අනුව එක්ස්පෝ ලංකා සමා‍ගමේ වත්කම් රුපියල් බිලියන 737ක් ඉක්මවා එම සමාගම පළමු ස්ථානයට ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 552ක් ඉක්මවා දෙවැනි ස්ථානයට ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාම බිලියන 202ක් ඉක්මවා තුන්වැනි ස්ථානයට ද පත්විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඊබී ක්‍රීසි සමාගම 32%කින් ද, සෙංකඩගල ෆිනෑන්ස් සමාගම 24%කින් ද, හුන්නස් ෆෝල්ස් සමාගම 24%කින් ද ප්‍රධාන විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 118ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී ශුද්ධ ලෙස රුපියල් මිලියන 06ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට අලුතෙන් ඇතුළත් වී ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර, වින් ෆෝර්ත් සමාගම රුපියල් මිලියන 18යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 12යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 08යි, එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 06යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හේමාස් සමාගම රුපියල් මිලියන 18යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 16යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 10යි, ෆ්‍රී ඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 05යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 03යි ලෙස කැපී පෙණිනි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරං‍ගොඩ)

Related articles

Recent articles

spot_img