අල, ලොකු ලූනු, මිරිස්, රතු ලූනු, උඳු, බඩඉරිඟු හා රටකජු වගාවන් සඳහා අවශ්‍ය බීජ ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඔහු පවසන්නේ එම බීජ මෙරට දී නිෂ්පාදනය කිරීමේ වැඩසටහන සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බැවින් ලබන වසරේ සිට මෙලෙස ආනයනය සීමා කරන බවයි.
මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500 ක් නිෂ්පාදනය කර ඇති බවත් ලොකු ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය කෙරෙන අතර රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.