spot_img
spot_imgspot_img

ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ග්ලැසියරයක් කැඩී යෑමේ අවදානමක

පුවත්

විදෙස්

ඇන්ටාක්ටිකාවේ දැවැන්ත ත්වයිටිස් ල්ගැසියරයේ විශාල කොටසක් ඉදිරි වසර 5 – 10 අතර කාලය තුළ කැඩී යා හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඔවුන් පවසන්නේ මෙතෙක් සාපේක්ෂව ස්ථායීව පැවති ත්වයිට්ස් ග්ලැසියරයේ ඉදිරිපස පාවෙන කොටසක් “කාර් වීදුරුවක් මෙන් කැඩී බිඳී යා හැකි” බවයි.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් දැනට Thwaites හි දියවීමේ වේගය නිසා ඒ සම්බන්දව විශේෂ අධ්‍යයන වැඩසටහනක නියැලී සිටිති.

ත්වයිට්ස් ග්ලැසියරය දැනටමත් වසරකට අයිස් ටොන් බිලියන 50 ක් සාගරයට හෙළයි.

මෙය වර්ථමානයේ ගෝලීය මුහුදු මට්ටමට සීමිත බලපෑමක් ඇති කරන නමුත් නමුත් සාගරවල උස සෙන්ටිමීටර 65 කින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් අයිස් ප්‍රමාණයක් ග්ලැසියරයේ ඇතැයි ගනනය කර තිබේ.

එවැනි ලෝක විනාශයක් සියවස් ගණනාවකට පැමිණීමට ඉඩක් නොමැති නමුත් අධ්‍යයන කණ්ඩායම පවසන්නේ ත්වයිට්ස් ග්ලැසියරය වර්ථමාන උණුසුම් වන ලෝකයකට සැබවින්ම ඉතා වේගවත් ආකාරයකින් ප්‍රතිචාර දක්වන බවයි.

“ග්ලැසියරයේ ඉදිරිපස විශාල වෙනසක් සිදුවනු ඇත, බොහෝ විට දශකයකට අඩු කාලයකදී මෙය කැඩීයෑම සිදුවනු ඇත,” ජාත්‍යන්තර ත්වයිට්ස් ග්ලැසියර සහයෝගීතා‍වයේ එක්සත් ජනපද ප්‍රධාන සම්බන්ධීකාරක ග්ලැසියර විද්‍යාඥ මහාචාර්ය ටෙඩ් ස්කැම්බෝස් පවසයි.

දැවැන්ත ත්වයිට්ස් ග්ලැසියරය දළ වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ හෝ ෆ්ලොරිඩාවේ විශාලත්වයට සමාන වන අතර පසුගිය වසර 30 තුළ එහි ගලායාමේ වේගය දෙගුණ වී ඇත.

එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම සහ එක්සත් රාජධානියේ ස්වභාවික පරිසර පර්යේෂණ කවුන්සිලය විසින් ඒකාබද්ධව අරමුදල් සපයනු ලබන, පස් අවුරුදු ITGC ව්‍යාපෘතිය Thwaites ග්ලැසියරය පෙර නොවූ විරූ පරීක්ෂාවකට ලක් කරයි.

සෑම ගිම්හාන සමයකම, විද්‍යාඥයින් කණ්ඩායමක් හැකි සෑම ආකාරයකින්ම ග්ලැසියරයේ හැසිරීම විමර්ශනය කරයි. චන්ද්‍රිකාවෙන්, අයිස් මතින් සහ ත්වයිට්ස් ඉදිරිපිට නැව් වලින් මෙම පරීක්ෂණ දියත් කරයි.

නව ව්‍යාපෘතියක් ලෙස ජලයේ උෂ්ණත්වය, වත්මන් දිශාව සහ කැළඹීම පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා “බෝටි මැක්බෝට්ෆේස්” ලෙස හඳුන්වන කහ පැහැති සබ්මැරීනය Thwaites හි පාවෙන අයිස් යට කිමිදෙනු ඇත.

https://www.bbc.com/news/science-environment-59644494

බ්‍රිතාන්‍ය ස්වයංක්‍රීය කිමිදුම් යානය Boaty McBoatface

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!