-2.1 C
New York

පොලිස් බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට

Published:

කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා තිබේ.

ශ්‍රීනගර් නගරයේ පොලිසි කඳවුරක් ආසන්නයේදී බස් රථයට සටන්කාමීන් තිදෙනකු නොනවත්වා වෙඩි තැබූ බව බලධාරීහු පවසති.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගතකර තිබේ. ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර, සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතී.

බලධාරීන් පවසන්නේ, පොලිස් නිලධාරීන් සේවය නිමවී සිය කඳවුර වෙත යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ සටන්කාමීන් බවට සැක කළ පිරිස පලාගොස් තිබේ.

“විශ්වාසනීය මූලාශ්‍රවලින් හෙළි වූයේ ප්‍රහාරය, Jaish-e-Mohammad (JeM) හි ශාඛාවක් වන කාශ්මීර කොටි විසින් සිදු කර ඇති බවයි,” යනුවෙන් කාශ්මීරයේ පොලිස්පති විජේ කුමාර් පවසයි.

JeM යනු පකිස්ථානය පදනම් කරගත් කණ්ඩායමකි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් කිහිපයක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තිබේ.

කාෂ්මීරයේ දී සොල්දාදුවන් 46 දෙනකු මරුමුවට පත්කරමින් 2019 පෙබරවාරි මාසයේ එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම මෙම සංවිධානය විසින් බර ගත්තේය. එය ඉන්දීය හමුදාවට මෑත කාලයේ එල්ල වූ මාරාන්තික ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකේ.

කාශ්මීරයට ඉන්දියාව සහ පකිස්ථානය යන දෙඅංශයෙන්ම පූර්ණ වශයෙන් හිමිකම් කියන නමුත්, කොටස් වශයෙන් පාලනය කරනු ලබන්නේ න්‍යෂ්ටික සන්නද්ධ අසල්වැසියන් විසිනි. දෙරට අතර සබඳතා සැමවිටම නොසන්සුන් වූ නමුත් 2019 දී දිල්ලි කලාපයේ විශේෂ ස්වයං පාලනය අවලංගු කිරීමත් සමග යම්කිසි නිහඬතාවයක පැවතිණි.

https://www.bbc.com/news/world-asia-india-59647425

Related articles

Recent articles

spot_img