-5.9 C
New York

චීන පොහොර නැවට වන්දි ගෙවීමට රජයේ සූදානමක් ?

Published:

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලා ඇති වන්දි මුදල ගෙවීමට ආදළ යෝජනාවක් ඊයේ (13) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

එම යෝජනාවේ දැක්වෙන්නේ නීතිපතිවරයාගේ උපපදෙස් අනුව අදාළ ගෙවීම් සිදුකළ යුතු බවයි.

චීනයෙන් ‍ආනයනය කරන ලද එම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇති බව අනාවරණය වනවිට පොහොර තොගය නැව්ගතකර මෙරටට ළඟා වි තිබිණි. කෙසේ වෙතත් එම පොහොරෙ ගොඩබෑම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් නැව ආපසු හරවා යැවුණේ පොහො‍ර ගොඩබෑමකින් තොරවය.

මෙම පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කර එය භාර නොගැනීම හේතුවෙන් තම සමාගමට සිදුවූ පාඩුව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ඉල්ලා සමාගම නඩු මගට පිවිසෙන බව ද දන්වා තිබිණි.

Related articles

Recent articles

spot_img