-2.1 C
New York

දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ ගිනුම් අංශයට මුද්‍රා තබයි. කෝටි 05ක මූල්‍ය වංචාවක් ?

Published:

රුපියල් කෝටි 05ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් අංශයට මුද්‍රා තබා ඇත.

විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් ‍කළේ එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බැවින් මෙලෙස මුද්‍රා තැබූ බවයි.

මෙම මුදල් වංචාව වසර 05ක පමණ කාලයක සිට සිදුව ඇති බව ද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සේවකයන් පවසන්නේ තම අතිකාල දීමනා කපා හරිමින් පවා මේ වංචාව සිදුකර ඇති බවයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ පවසන්නේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කරනු ලබන මුදල් වංචා කර ඇති බවට ලැබුණු තොරතුරු හේතුවෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Related articles

Recent articles

spot_img