-2.1 C
New York

ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව ශ්‍රී ලංකාවේ දී ඇරඹේ

Published:

ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව -2021 (APSIG 2021 Sri Lanka) ඊයේ (13) ආරම්භ කෙරිණි.

සංචාරක ආකර්ෂණීය රටක් පමණක් නොව ආසියාව තුළ වඩාත් පහසුවෙන් සහ ලාභදායී ලෙස අන්තර්ජාල වැඩමුළු පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස ප්‍රකටව ඇති ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා රටවල් 12ක් න‍ියෝජනය කරමින් 50කට වැඩි පිපිරසක් සහභාගී වී සිටිති.

මීගමුවේ Goldi Sands Hotel හි මෙම වැඩමුළුව සෞඛ්‍ය ආරක්ෂිත නීති දැඩිව අනුගමනය කරමින් පැවැත්වෙයි.

අන්තර්ජාලය පාලනය කරන්නේ කවුරුන්ද, බහු පාර්ශවීක සහයෝහ්ගිත්ව අන්තර්ජාල පාලනය, අන්තර්ජාල පිවිසීම, අන්තර්ජාල ආර්ථිකය, අන්තර්ජාලය ඔස්සේ කර්මාන්ත පුනරුදය,  අන්තර්ජාල ආරක්ෂණයේ රජයේ වගකීම, සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පාලනය , අන්තර්ජාලය  හා අයිතීන් පිළිබද මෙම වැඩමුළුවේ දී සාකච්ඡා කෙරෙයි.

මෙම පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2016 වසරේදී ආසියානු කලාපයේ අන්තර්ජාල භාවිතයේ ප්‍රමුඛයකු ‍ලෙස සලකන කිල්නම් චොන් විසින් ආරම්භ කරන ලදී. 

මෙම වැඩසටහනේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙස මහී කිරිඳීගොඩ කටයුතු කරයි.

“වසංගතය හේතුවෙන් ලෝකයේ සියලු සේවාවන් අන්තර්ජාල ගතවෙමින් පවතින කාලයේ දී අන්තර්ජාල පාලනයේ දැනුම සියලු දෙනා අතරට ගෙනයාමේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවුණා. ඒ නිසා අන්තර්ජාලයේ නිරන්තර වැඩමුළුවලින් මිදී මේ ආකාරයට සම්මුඛව හමුවී වැඩසටන් පැවැත්වීමට සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මෙවර වැඩසටහන අපේ රටේ සංවිධානය කළා.” යැයි හෙතෙම කීවේය.

මෙම අවස්ථාවට ව්‍යාපෘතියේ සභාපති සතිෂ් බාබු (ඉන්දියාව),  ලේකම් ශ්‍රීදීප් රජ්මාජි (නේපාලය), නදීරා අල්රාජ් (පලස්තීනය), ආචාර්ය ගොවින්ද් කුමාර් (ඉන්දියාව) , මහාචාර්ය ගිහාන් ඩයස් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

spot_img