spot_img
spot_imgspot_img

LOLC සමාගම වාර්තා පිහිටුවමින් දිනක දී බිලියන 91කින් වත්කම් වැඩි කරගනී

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 54,958ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,169ක් බවට පත්විය.

අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 268කින් ඉහළ ගිය අතර එය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 11,662ක් බවට පත්විය. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,598යි එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 617යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 565ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 290යි, එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 253යි, එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 135ක් ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ විටිනාම සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 684ක් ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 564ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 206ක් ද වාර්තා කළ අතර එල්ඕඑල්සී සමාගම අද දින‍ය තුළ දී පමණක් තම කොටස් වටිනාකම රුපියල් බිලියන 91කින් වර්ධනය කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ස්ථාවරව කොටස් වටිනාකම රුපියල් බිලියන 500 ඉක්මවූ දෙවැනි සමාගම බවට පත්විය.

එක් දිනක් තුළ දී සමාගමක් වත්කම් වැඩිම ප්‍රමාණයකින් වැඩි කරගත් අවස්ථාව ලෙස ද බිලියන 91කින් එල්ඕඑල්සී සමාගම වත්කම් වර්ධනය කරගැනීම කැපී පෙනේ.

සංවෘත කවය තුළ ජෝන් කීල්ස් සමාගම කොටස් 250,000ක් රුපියල් 144.00 බැගින් ද, බ්‍රවුන්ස් සමාගම කොටස් 100,000ක් රුපියල් 328.00 බැගින් ද කොටස් ලක්ෂ 03ක් රුපියල් 325.00 බැගින් ද සම්පත් බැංකුව කොටස් 387,000ක් රුපියල් 53.50 බැගින් ද හේමාස් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 70.00 බැගින් ද, රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 74.00 බැගින්  ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 50%කින් ද, එස්එන්බී ලීසිං සමාගම 33%කින් ද, එස්එන්බී ලීසිං (X) 25% කින්ද දක්නට ලැබිණි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 193ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 362ක කොටස් විකුණා තිබේ.

ඒ අනුව විදේශීය අයෝජකයන් විසින් අද දිනයේ දී පමණක් රුපියල් මිලියන 169ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආ‍යෝජකන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 100යි, සීඅයිසී සමාගම රුපියල් මිලියන 17යි, ලන්කෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 05යි, රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 3.9යි, රේණුක හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 3.6ක් ලෙස ද විදේශීය අ‍ායෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සණස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 196යි, ඩයලොග් සමාගම රුපියල් මිලියන 49 යි, හේමාස් සමාගම රුපියල් මිලියන 21යි, නෙස්ලේ සමාගම රුපියල් මිලියන 13යි, කැලණිවැලි සමාගම රුපියල් මිලියන 08යි ලෙස ද ප්‍රමුඛ විය.

අද දිනය දක්වා 2021 වර්ෂයේ දී විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 50.412ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

rata.lk කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂණය මගින් දිගින් දිගටම අනාවැකි ඉදිරිපත් කළ ආකාරයට භාණ්ඩ හා සේවාවන් අපනයනය කිරීමෙන් ආදායම් උපයන සමාගම්වල කොටස් මිල ආකර්ශනීය ලෙස ඉහළ යමින් තිබේ. ඒ අතරින් එල්ඕඑල්සී සමාගම එක්ස්පෝලංකා සමාගම, හේලීස් සමාගම ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!