-1 C
New York

ජලය පිරි වළකට වැටී පෙරපාසල් දරුවෙක් මියයයි

Published:

ආරච්චිකට්ටුවේ, අඩිප්පපල, වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරී තිබූ වළකට වැටී 05 හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්ත් අඩිප්පල වැලිපෑලැස්ස පදිංචි ආකාෂ් සංජය නමැති දරුවෙකි. මෙම දරුවාගේ නිවසේ වැසිකිළියක් සඳහා වළක් කපා එය ගල්වලින් බැඳ තිබූ බවත් වැඩ නිමවා නැති බැවින් ඉහළින් ආවරණය කර නොතිබූ බවත් පොලිසිය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් මෙහි කොන්ක්‍රීට් ආවරණය දැමීමට නොහැකි වූ බව මියගිය දරුවාගේ පියා පොලිසියට පවසා ඇත.

වැස්ස හේතුවෙන් වළ පිටාර මට්ටමට ජලය පිරී තිබිය දී දරුවා එයට වැටී ඇති බව  ද අනාවරණය වී ඇත. දරුවා හලාවත රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියේය.

Related articles

Recent articles

spot_img