spot_img
spot_imgspot_img

ලොව ලොකුම නිල් මැණික බලංගොඩින් හමුවෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙන් අති විශාල තනි නිල් මැණිකක් හමුවී ඇතැයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වැඩි පළලකින් යුතු මෙම මැණික් ගලේ වත්මන් හිමිකරු හොරණ තල්ගහවිල අයෙකි. “ආසියාවේ රැජින” ලෙස නම්කර ඇති මේ ගල ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලතම තනි නිල් මැණික යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි බර කිලෝ 310කි. කැරට් 1,550,000කි.

හිමිකරු චමිල සුරංග රත්නපුර මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරන අතර වසර 10ක පමණ කාලයක සිට මැණික් පිළිබඳ ඔහු පර්යේෂණ පවත්වා තිබේ. ඔහු පවසන්නේ මේ මැණික බලංගොඩ ප්‍රදේශයෙන් හමු වූ බවයි.

ඔහු එම මැණික සම්බන්ධයෙන් මෙසේ පවසයි.

“කොරෝන්ඩො පවුලට අයත් මේ මැණික තනි ගලක් ලෙස නිර්මාණය වී තිබෙනවා. එය නිල් ගෙව්ඩවලින් සැදී ති‍බෙන බව පෙනෙනවා. මෙය කපා නිල් මැණික් ටික අරගෙන ආභරණ සාදා විකිණිය හැකියි. නමුත් අප එසේ කරන්නේ නැහැ. මේ වනවිටත් ඇමෙරිකාවෙන් සහ ඩුබායිවලින් මේ සඳහා ඉල්ලුම් ලැබී තිබෙනවා. මගේ බලාපොරොත්තුව රටට විදේශ විනිමය අවශ්‍ය මොහොතේ මේ මැණික විකුණලා රටට මුදල් ගෙන ඒම. ඒ වගේම ලෝකයට ම මෙය දැකගත හැකි ආකාරයට විදේශ රටක කෞතුකාගාරයක මෙය තැන්පත් කරන්න පුළුවන්. එවැනි රටකට මම මෙය විකුණනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!