-5.9 C
New York

ඇවන්ගාඩ් සභාපතිගේ ඉඩමකින්, මිනිස් හිස්කබලක් සහ අස්ථි කොටස් මතුවෙයි

Published:

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් ඉඩමක නව ඉදිකිරීමක් සඳා කැණීම් කිරීමේ දී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් හමුවී ඇති අතර එම ස්ථානයේ වැඩිදුර පරීක්ෂා කිරීමට  නාගොඩ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න වෙත කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දැනුම් දී තිබේ.

මෙම ඉඩම ඇවන්ගාඩ් සභාපතිවරයාට අයත් බවත් යාබදව පිහිටි ඔහුගේ ඉඩමට අමතරව පර්චස් පහක භූමියක් මාස තුනකට ඉහත දී මිල දී ගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. අස්ථි කොටස් හමුව ඇත්තේ එලෙස පසුව මිල දී ගත් කොටසේ ඉදිකිරීමක් සඳහා කැණීම් කිරීමේ දී බව අලුත්ගම පොලිසිය පවසයි.

කළුතර වැඩ බන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ විසින් එම ස්ථානය පරීක්ෂා කිරිමෙන් අනතුරුව සිදුකරන කැණීම් තාවකාලිකව නවතා ‍එතැනට ආරක්ෂාව ලබාදෙන ලෙස ද පොලිසියට දැනුම් දී තිබේ.

ඉන් පසු කළුතර අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු හිස් කබල සහ ඇටසැකිලි කොටස් මුද්‍රා තබා නාගොඩ රෝහලේ අධිකරණ අංශයට යවා තිබේ.  ඇට සැකිළි කොටස් ඉවත්කිරීමෙන් පසු එම ස්ථානයේ කැණීම් සඳහා අවසර දී ඇත.

Related articles

Recent articles

spot_img