-4.8 C
New York

සතුන්ට උගුලක් අටවා එහි ම පැටලී ගෙහිමි කත මරු දකී

Published:

වන සතුන්ගෙන් එළවළු කොටුවක් ආරක්ෂා කිරීමට යැයි කියමින් අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී එම එළවළු කොටුව හිමි කාන්තාවක් ඊයේ (09) සවස මියගොස් ඇතැයි තලවාකැලේ පොලිිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අබේසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රාවතී නමති 50 හැවිරිදි කාන්තාවකි.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම කාන්තා‍වගේ නිවසේ සිට විදුලිය ඇද තිබිය දී එම සම්බන්ධතාව විසින්ධි කිරීමට අමතකව ඇය එළවළු කොටුවට ගොස් ඇති බවයි.

සැමියා නිවසට එනවිට බිරිඳ නිවසේ නොසිටි බැවින් එළවළු කොටුව දෙසට යැමේ දී ඇය විදුලිි රැහෙනේ පැටලී සිටිනු දුටු බව සැමියා පොලිසියට පවසා ඇත. යළි නිවසට දිවැවිත් විදුලි සම්බන්ධතාව විසන්ධි කර බිරිිඳ ඉන් මුදවාගෙන අනතුර පිළිබඳ පොලිසියට දැනුම් දුන් බව ද සැමියා පවසා තිබේ.

Related articles

Recent articles

spot_img