spot_img
spot_imgspot_img

EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය.

අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 157කින් ඉහළ ගිය අතර එය ඒකක 11,178ක් බවට පත්විය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිත කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්සපෝ ලංකා සමාගම රුපියල් මිලියන 759යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 518යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 377යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණය් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 216යි, එස්එන්බී ලීසිං කොටස් මිලියන 102, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 36යි ලෙස කැපී පෙණිනි.

අප මෙම විශ්ලේෂණය මගින් මීට පෙර අනාවරණය කළ පරිදි අද දිනයේ ශ්‍රී ලංකා සමාගම් ඉතිහාසයේ වත්කම් රුපියල් බිලියන 600 ඉක්මවූ පළමු සමාගම බවට එක්ස්පෝ ලංකා සමාගම පත්විය. දිනය අවසානයේ එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම රුපියල් බිලියන 610 ඉක්ම වූ අතර එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 464 ඉක්මවමින් දෙවැනි ස්ථානයට ද, කමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 205 ඉක්මවමින් තුන්වැනි ස්ථානයට ද පත්ව තිබිණි.

සංවෘත කවය තුළ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියනයක් රුපියල් 145.00 බැගින් ද, රේණුක හෝල්ඩින්ස් සමාගමේ කොටස් මිලියන 1.2ක් රුපියල් 17.30 බැගින් ද, ඩිප් ප්‍රඩක්ට් සමා‍ගමේ කොටස් ලක්ෂ 4ක් රුපියල්50.50 බැගින් ද රේණුක සිටි හොටෙල් කොටස් 880,000ක් රුපියල් 90.80 බැගින් ද බ්‍රවුන්ස් සමාගමේ කොටස් 100,000ක් රුපියල් 300.00 බැගින් ද ඩර්ඩ්න්ස් සමාගමේ කොටස් ලක්ෂ 4ක් රුපියල් 137.00 බැගින් ද හුවමාරු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර සෙන්කඩගල ෆිනෑන්ස් සමාගම කොටස් මිල 24%කින් ද, හුන්නස් ෆෝල්ස් හොටල් සමාගම 20%කින් ද, ඇක්මි සමාගම 16%කින් ද කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල පහළ ගිය සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇස් හෝල්ඩ් සමාගම 20% කින් ද, එස්එම්බී ලීසිං සමාගම (X) 20%කින් ද, මර්චන්ට් ෂිපිං සමාගම 13%කින් ද කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 143ක කොටස් මිල දී ගත් අතර, රුපියල් මිලියන 153ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 10ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

ජනවාරි මස 01 වැනි දින සිට අද දිනය දක්වා විදේශීය ආයෝජකයන් රුපියල් බිලියන 50.229ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙනන ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 86යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 15යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 03යි, ඇස්කොට් සමාගම රුපියල් මිලියන 02යි ලෙස ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ෆ්‍රී ඒකර් ෆාම් රුපියල්ය මිලියන 65, බියරහා ෆාම් රුපියල් මිිලයන 17යි, අලියාන්ස් සමාගම රුපියල් මිිලියන 16යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10යි සහ එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 04යි ලෙස සටහන් විය.

එක්ස්පෝ ලංකා සමාගම පවතින කොවිඩ් 19 වසංගය හේතුවෙන් නැව් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් අධික ලෙස ලාභ උපයන අතර පසුගිය කාර්තුවේ දී ලබාගත් රුපියල් බිලියන 12ක ශුද්ධ ලාභය ඉක්මවා මෙම කාර්තුවේ දී රුපියල් බිලියන 20ට අධික ලාභයක් ලබනු ඇතැයි ද 2022-03-31 දිනයෙන් අවසන්වන අවසන් කාර්තුවේ දී එම ලාභය රුපියල් බිලියන 30 ඉක්මවීමට ඉඩ ඇතැයි අනාවැකි පළ වී තිබේ.

කෙසේ වෙතත් එක්ස්පෝ ලංකා සමාගමේ කොටසක මිල රුපියල් 511.00 ඉක්මවුවහොත් එය ශ්‍රී ලංකාවේ පළමු වත්කම රුපියල් ට්‍රිලියනය ඉක්මවූ සමාගම වන බව ගණනය කිරීම්වලින් පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!