-0.6 C
New York

“ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්

Published:

ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය.

ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ප්‍රිියන්ත කුමාර දියවඩනගේ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. එහි දී කුමාරගේ පවුලට සහ ශ්‍රී ලාංකීය ජාතියට සහ ර‍ජයට තම ශෝකය ප්‍රකාශ කළේය. මේ සඳහා පකිස්තාන කැබිිනනට් මණ්ඩල සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ. එමෙන් ම ඝාතනයට ලක්වූ ප්‍රිියන්ත කුමාරගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීම ද එහි දී සිදුකෙරිණි.

කුමාරගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ ගත් මලික් අද්නාන්ගේ එම ක්‍රියාව ද පැසසුමට ලක්කෙරිණි. මෙම වැඩසටහන අතරතුර සියලු ආගමික සහජීවන ප්‍රවර්ධනය කරන කෙටි වාර්තා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කෙරිණි.

අගමැති ඉම්රාන් ඛාන් අද්නාන් සිය ජීවිතය පවා පරදුවට තබමින් පුද්ගලයකුගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත්වීම බෙහෙවින් අගය කළේය.

“රටේ ආදර්ශය වැදගත් වන්නේ මිනිසුන් ඒවා අනුගමනය කරන නිසා. ශාරීරික බලයට වඩා සදාචාරාත්මක බලය උතුම් වෙනවා. ඒ තිරිසන් ක්‍රියාවට එරෙහිව අද්නාන් නැගී සිටි ආකාරය අපේ තරුණ තරුණියන්ගේ මතකයේ රැ‍ඳී තිබෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. නබිි තුමා අපට සාමය දේශනා කළා. එතුමානන් අපට සාමය සහ යුක්තිය ඉගැන්නුවා. මානව හිතවාදී සමාජයක යුක්තිය ඉටුවන නමුත් තිරිසන් සමාජයක නීතියේ ආධිපත්‍යයක් නැහැ. ආගමේ නාමයෙන් මිනිසුන් අන් අයට ඝාතනය කිරීම වැරදියි. මේ බිහිසුණු සිද්ධිය ත්‍රස්තවාදය අවසන් කිීමට තීරණනය කළ ජාතිය එක්සත් කළා. සියල්කොට් සිද්ධියනේ පස්සේ මුළු ජාතියම තීරණය කර තිබෙන්නේ නැවවත එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොතැබීමට” අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මෙහි දී කියා සිටියේ ප්‍රිියන්ත කුමා‍රගේ මාසික වැටුප ඔහුගේ පවුලේ අයට දිගටම ලබාදීමට පකිස්තානය කටයුතු කරන බවයි. දැනටමත් සියල්කොට්හි ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්ත වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 0.1ක මුදලක් එකතුකර ඇතැයි ද කීවේය.

Related articles

Recent articles

spot_img