spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ඉතිහාසයේ බිලියන 600 ඉක්මවූ පළමු සමාගම බවට Expolanka පත්වෙයි ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 44,682ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,019ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 53කින් ඉහළ ගිය අතර එය ඒකක 11,088ක් දක්වා ඉහළ ගියේය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 835යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 645යි, ශන් ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 431යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එම්බී ලීසිං (X) කොටස් මිලියන 480, එස්එම්බී ලීසිං කොටස් මිලියන 217යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 44යි ලෙස ද සටහන විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 585ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 469ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 206ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

එක්ස්පෝ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතරින් සමස්ත වත්කම් රුපියල් බිලියන 600 ඉක්ම වූ සමාගම බවට පත්වනු ඇතැයි විශ්ලේෂකයෝ කියති.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං 20%කින් ද, ටැන්ජරින් ‍හෝටල් සමාගම 18%කින් ද එල්සීබී ෆිනෑන්ස් සමාගම 13%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ ලංකා ඇළුමිනියම් සමාගමේ කොටස් මිලියන තුනක් රුපියල් 16.00 බැගින් ගනු දෙනු වීම විශේෂත්වයකි.

වින්පවර් සමාගම ශත 55ක ලාභාංශයක් ද අද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

විදේශීය ආ‍යෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 83ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 122ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් අද දිනයේ පමණක් රුපියල් මිලියන 39ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලියන 50.197ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 16යි, අලියාන්ස් සමාගම රුපියල් මිලියන 15යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 07යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 04යි, රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 03යි ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සම්පත් බැංකුව රුපියල් මිලියන 21යි, මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 16යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 15යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 10යි. ජැට් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 06යි ලෙස ද සඳහන් විය.

ලංකා අයිඕසී සමාගමේ කොටස් මිල කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ යාමත් ලංකාවේ දැනට පවතින ඉන්ධන මිල ගණන් 30%කින් ඉහළ නැංවීමට අයිඕසී සමාගම අවසර ඉල්ලීමත් ඉන්දියාව සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලංකා අයිඕසී සමාගම හරහා ගෙන්වා කොමිස් මුදලක් තබාගෙන ඛනිජ තෙල් සංස්ථාවට විකිණීම කෙරෙහි අවධානය යොමු වී තිබීමත් මෙම මිල ඉහළ යාමට බල පා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!