-5.9 C
New York

දෛනික පිරිවැටුම ඉහළයාමෙන් කොටස් වෙළඳ පොළ තැරැව්කාර සමාගම්වලට අධික ලාභ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 40,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,735ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 46කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 11,034ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව අද දිනයේ ගනුදෙනු සිදු වූ සමාගම් අතර කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 2,608යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 983යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 598යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 80, එච්එන්බී ලීසිං සමාගම කෙටස් මිලියන 57යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කො‍ටස් මිලියන 40යි ලෙස ද ප්‍රමුඛ විය.

අද දිනයේ ද ‍සමස්ත කොටස් වටිනාකම රුපියල් බිලියන 576ක් ඉක්ම වූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 472ක් ඉක්මවමින් දෙවැනි ස්ථානයට ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 209ක් ඉක්මවමින් තෙවැනි ස්ථානයට ද පත්විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ සමාගම් අතර පීඑම්බී සමාගම 40%කින් ද එස්එම්බී ලීසිං සමාගම 25%කින් ද, ඊ චැනලින් සමාගම 24%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු සිදු නොවූ නමුත් කොමර්ෂල් ලීසිං සමාගමේ විශාල කොටස් ප්‍රමාණයක් රුපියල් 32.00 සහ 32.10 බැගින් හුවමාරු විය.

විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 37ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් විදේශ අයෝජකයන් විසින් රුපියල් මිලියන 23ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර ඇත.

විදේශීය අයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 23ක් ද, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 08ක් ද, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 07ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06ක් ද, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 04ක් ද ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර මේස්ටර් කොප් සමාගම මිලියන 13ක් ද, බෝගල ග්‍රැෆයිට් සමාගම මිලියන 04ක් ද, ජැට් හෝල්ඩින් සමාගම මිලියන 02ක් ද සීඅයිසී සමාගම (X) සහ ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 01ක් බැගින් ද ප්‍රමුඛ විය.

මේ දිනවල දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 10 ආසන්නයේ ගනුදෙනු වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක වන තැරැව්කාර සමාගම්වලට අධික ලාභයක් වාර්තා වෙමින් ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img