-4.8 C
New York

බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී කරුණානයක ඇතුළු විත්තිකරුවන් නිදහස්. නඩුව ගැන තීරණය ජනවාරි 26

Published:

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (06) කටයුතු කෙරිණි.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන්නේය.

2016 මාර්තු 31 වැනි දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්න්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ ක‍ර ඇතැයි කියමින් ගොනුකර ඇති චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් එම විත්තිකරුවන් මෙලෙස නිදහස් කෙරිණි.

මෙම නඩුවට අදාළ මූලික විරෝධතා මතුකළ විත්තියේ නීතිඥවරු තම සේවාදායකයන්ට එරෙහිව ‍චෝදනා  පවත්වාගෙන යා නොහැක ිබවත් ඒ අනුව එම චෝදනාවලින් ඔවුන් නිදහස් කරන ලෙසත් මීට පෙර ඉල්ලා සිටියහ. එම විරෝධතා සම්බන්ධ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල ගොනුකර ඇති චෝදනා 22න් 11ක් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ප්‍රකාශ කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා ස‍ංශෝදනය කරනවාද ? ඉවත් කරනවා ද ? නැතිනම් විකල්පප නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීරණ වනවාද යන්න තීරණය කිරීමට දිනයක් ලබාදෙන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම නඩුව යළි 26 වැනි දා කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img