-2.1 C
New York

ශ්‍රී ලාංකිකයා බේරාගැනීමට උත්සාහ කළ පකිස්තාන ජාතිකයාට එරට ඉහළම සම්මානයක්

Published:

ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ දී ඔහු බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පකිස්තාන රජය විසින් පිරිනමන නිර්භීතකම සඳහාවන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන Tamgha i Shujaat පිරිනමන බව පකිස්තාන අගමැති ඉම්රාන් කාන් අද (05) ප්‍රකාශ කළේය.

“සියල්කොට්හි මැර කල්ලියෙන් කල්ලියෙන් දොන් නන්දශ්‍රී ප්‍රියන්ත දියවඩන ආරක්ෂා කිරීමට සහ බේරා ගැනීමට උපරිම උත්සාහයක් ගත් මලික් අද්නාන්ගේ ධෛර්යය සහ නිර්භීතකමට ජාතිය වෙනුවෙන් මට ආචාර කිරීමට අවශ්‍යයි, පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයා ආරක්ෂා කිරීමට එම මොහොතේ මැදිහත් වෙමින් ඒ සඳහා උත්සාහ කිරීමෙන් ඔහු තමන්ගේ ජීවිතය පවා අනතුරට ලක්කරගත්තා. ඒ නිසා අපි ඔහුට Tamg i Shujaat ප්‍රදානය කරනවා.” අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා ඇත.

රතු පැහැති කබායකින් සැරසුණු මලික් අද්නාන් ලෙස හදුනාගත් පුද්ගලයකු මේ ස්ථානයට පැන ඔහුගේ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩනගේ බේරා ගැනීමට උත්සාහ කළේ මැර පිරිස ඔහුට පහර දෙද්දී ය. ඔහු තමාගේම ශරීරයෙන් මියගිය ප්‍රියන්ත මත ආරක්ෂක පලිහක් සාදාගෙන ටික වේලාවක් පහර විඳදරා ගත් නමුත් මොහොතකට පසු එලෙස ප්‍රතිරෝධය දැක්වීමට ඔහුට නොහැකි විය.

ප්‍රියන්ත ඝාතනය කිරීමෙන් පසු කළු පැහැති ජැකට්ටුවකින් සැරසී සිටි තවත් පුද්ගලයෙක් තම අත්ල එකතු කර සිරුරට ගිනි නොතබන ලෙස මැර පිරිසගෙන් ඉල්ලා සිටින අයුරු දැකගත හැකි විය. එහෙත් කලකාරීන් විසින් ඔහුව පසෙකට තල්ලුකර දමන ලදී.

https://www.geo.tv/latest/386021-pm-imran-khan-announces-tamgha-i-shujaat-for-man-who-tried-to-save-sri-lankan-national

Related articles

Recent articles

spot_img