-5.9 C
New York

අම්බලන්ගොඩ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවීමේ සූදානමක් ?

Published:

අයවැය සම්මත කිරීමකින් තොරව මුදල් වියදම් කර ඇති පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවාහැරීම කෙරෙහි රජයේ අවධානය යොමී ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හ ාපළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ එහි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති අවස්ථාවේ දී ය.

ඉදිරි දිනක දී ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන කොමසාරිස්වරුන් පාර්ලමේන්තු උපදේශක කාරක සභාවට කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

දූෂණයෙන් අක්‍රමිකතා වලින් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අම්බලන්ගොඩ නගර සභාවද 2021 වර්ෂය සදහා අයවැය සම්මත කරගැනීමකින් තොරව මුදල් වියදම් තිබෙන බව එහි දී අනාවරණය විය.

Related articles

Recent articles

spot_img