ගාල්ලේ හබරාදුව, දූවමලලගම ප්‍රදේශයේ දී සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ යුවළක් අත්අඩංගුවට ගෙන බැඳුම්කර ඇපයක් මත මුදාහැරීමට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (05) කටයුතු කර තිබේ.
මනාල යුවළගේ දෙවැනි ගමන සඳහා පැවැත්වූ මේ විවාහ උත්සවයට 1000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි ද තොරතුරු ලැබී ඇත. මනාලයාගේ නිවසේ එය පැවැත්වීමට ඉඩ ප්‍රමාණවත් නොමැතිවීම හේතුවෙන් වෙනත් ඥාතියකුගේ නිවසේ උත්සවය පවත්වා තිබේ.
එම උත්සවය සඳහා උත්සව භාණ්ඩ සැපයූ ආයතන සහ ආහාරපාන සැපයූ අය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබේ.
මෙම මංගල උත්සවය පැවැති ස්ථානයේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එය නතර කරන ලෙස පොලිසියට දැනුම් දී තිබිණි.
පොලිසිය එහි ගොස් එය නතර කළ ද පොලිසිය නික්ම ගිය පසු නැවත සංගීතය ආරම්භ කර ඇත. රාත්‍රී 12ට පමණ පොලිසිය නැවත පැමිණ එය නතර කිරීමට උපදෙස් දුන් විට එන නතර කර යළි ටික වේලාවකින් ආරම්භ කර තිබේ. පොලිස් නිලධාරීන් එහි ගොස් තුන්වැනි වරටත් එය නතර කරවූ බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.