-5.9 C
New York

දරුවන් 05 දෙනෙක් කැලයේ තනිකර මව පළා ගිහින්. දරුවන් දින දෙකක් නිරාහාරව

Published:

දරුවන් 05 දෙනකු කැලෑබද ඉඩමක අතරමං කර පෙම්වතකු සමඟ පළාගිය මවක් සොයා වාරියපොළ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

කිසිදු රැකවරණයක් නොමැතිව දරුවන් පස් දෙනකු වාරියපොළ, අඹකඩවල ප්‍රදේශයේ වනගත වූ පාළු ඉඩමක හඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර දරුවන් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ එම දරුවන් අතරින් බාලම දරුවාට වයස අවුරුදු 02ක් සහ වැඩිමල් දරුවාට වයස අවුරුදු 12ක් වන බවයි.

ඔවුන්ට දින දෙකකින් කිසිදු ආහාරයක් ලැබී නැතැයි ද පැවසේ. දරුවන්ගේ ලොකු අම්මාට මේ වනවිට දරුවන් පස් දෙනා තාවකාලිකව භාර දී ඇති අතර ඔවුන් පරිවාස භාරයට පත්කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මෙම දරුවන්ගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත් මව 35 හැවිරිදි වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වා ඇති බවත් අනාවරණය වී තිබේ.

මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම මව දරුවන් තනිකර ඔහු සමඟ පැන ගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img