ජනතාවට පීඩාවක් සිදුවවන ආකාරයෙන් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ විහාරස්ථාන දෙකක ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ නියෝග කර තිබේ.
ඔහු මෙම නියෝගය සිදුකර ඇත්තේ එස්.ප්‍රියංකර නමැති අයකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සැළකිල්ලට ගනිමිනි.
එම පැමිණිල්ලේ දක්වා තිබූ පීඩාකාරී ශබ්ද විකාශන සිදුකළ කදුරුකෝට්ටේ වතුබැදි වහා විාහාරයේ සහ ධර්මාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන කටයුතු නවතා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
එමෙන් ම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් පොලිස්පතිවරයාගේ 2031/2007 චක්‍රලේඛය අනුව බලපත්‍රයක් ලබාගත යුතු බව ද එය බාහිර පාර්ශවයන්ට බාධාවක් නොවන පරිදි භාවිතා කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.




