-2.1 C
New York

පුපුරණ ද්‍රව්‍ය සහිතව කටුනායක ගුවන් තොටුපොළට ආ වෑන් රථයක් අත්අඩංගුවට

Published:

පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක් සහිතව කටුනායක ගුවන් තොටුපොළට ඇතුළුවීමට ගිය වෑන් රථයක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, උතුරු කදිරාන, වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

එම රියදුරා පොලිසියට පවසා ඇත්තේ වෑන් රථයේ හිමිකරු කිඹුලපිටියේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින අයකු බවයි. බලපත්‍ර සහිතව රතිඤ්ඤා නිෂ්පාදනයට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය මෙලෙස වෑන් රථයේ තිබූ බව ද ඔහු පවසා ඇත. වෑන් රථයට කුලී ගමනක් සඳහා අවශ්‍ය වාරය පැමිණීම හේතුවෙන් තමන් කඩිනමින් වෑන් රථයෙන් ගුවන්තොටුපොළට පැමිණි බවත් එම අවස්ථාවේ දී ඉවත්කරගැනීමට අමතක වූ පුපුරන ද්‍රව්‍ය තොගය වෑන් රථයේ තිබී ඇති බවත් රියදුරා පොලිසියට කියා ඇත.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදර පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

spot_img