-0.7 C
New York

ශ්‍රී ලාංකිකයා ඝාතනය කළ ප්‍රධාන සැකකරු ඇතුළු 50ක් අත්අඩංගුවට

Published:

පකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 50ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානණී ජනරාල් කාමාර් ජාවෙඩ් බජ්වා පවසන්නේ මෙම “දරුණු අපරාධය” කළ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් පරිපාලනයට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

පකිස්ථානයේ ආගමික කටයුතු සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහ්මුද් අෂ්රෆි “සියලු ‍උලේමාවරුන්” වෙනුවෙන් මෙම ඝාතනය හෙළා දකිමින් කියා සිටියේ “ඉස්ලාම් දහම අපකීර්තියට පත්කර ඇති බවයි.”

අපරාධකරුවන් සොයාගැනීම සඳහා මේ වනවිට සීසීටීවී දර්ශන නිරීක්සණය කරමින් සිටින බව ද පොලිසිය පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇත.

මීට පෙර පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මේ ගැන දැඩි සේ කණගාටුවන අතරම සියලු පරීක්ෂණ කටයුතු පුද්ගලිකවම සොයා බලන බවයි.

Related articles

Recent articles

spot_img