-4.8 C
New York

අපනයන සමාගම්වල කොටස් කෙරෙහි ඉල්ලුම වැඩිවෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 45,715ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,082ක් බවට පත්විය.

‍අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 263කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 10,988ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,397යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,004යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 825යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 162යි, එස්එම්බී ලීසිං (X) කොටස් මිලියන 21යි, කොමර්ෂල් ලීසිං කොටස් මිලියන 19යි ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 547ක් ඉක්ම වූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, බිලියන 463ක් ඉක්ම වූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 256ක් ඉක්ම වූ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්එන්බී ලීසිං (X) 33%කින් ද, බ්ලූ ඩයමන්ඩ් සමාගම 14%කින් ද, ඩිමෝ සමාගම 7%කින් ද කොටස් මිල ඉහළ යන දී.

අද දිනයේ සංවෘත කවය තුළ කිසිදු කොටස් හුමාරුවක් සිදු නොවූ අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස් මිලියන 11.9ක් රුපියල් 15.00 බැගින් සාමාන්‍ය ගනුදෙනුවක් සිදුවිය.

විදේශීය ‍ආයෝජකයන් විසින් අද දිනයේ දී රුපියල් මිලියන 86ක කොටස් මිල දී ගෙන ඇති අතර, රපියල් මිලියන 79ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ පමණක් රුපියල් මිලියන 07ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශීය ආයේජකයන් විසින් අලුතෙන් ආයොජනය කර ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ඩයලොග් සමාගම රුපියල් මිලියන 21යි, ටෝකිායේා සිමෙන්ට් රුපියල් මිලියන 11යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිිලයන 09යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 05යි, එල්ඕඑල් සීසමාගම රුපියල් මිලියන 04ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 17යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 06යි, සීඅයිසී (X) රුපියල් මිිලයන 4.6යි, ඇක්සස් සමාගම රුපියල් මිලියන 4.5 යි ලංකා අයිඕසී සමාගම රුපියල් මිිලියන 4.4ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගම් අතරින් ඩිල්මා සමාගම එක් කොටසක් සඳහා රුපියල් 15.00ක ලාභාංශයක් , සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම එක් කොටසක් සඳහා රුපියල් 1.50ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

අද දිනයේ ශ්‍රී ලංකාව පුරා පැවැති විදුලි බිඳවැටීම හේතුවෙන් බොහේ ආයෝජකයන්ගේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වලට සෘජු බලපෑමක් ඇතිවී ති‍බේ. භාණ්ඩ හා සේවා අපනයන අංශය ෆාම් ඔයිල් අපනයනය කරනු ලබන සමාගම්වල කොටස් මිල දිගින් දිගටම ඉහළ යමින් තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img