-2.1 C
New York

පකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කරලා. අගමැති අධීක්ෂණයෙන් වහාම පරීක්ෂණ සැකකරුවන් 50ක් අත්අඩංගුවට

Published:

පකිස්ථානයේ සියල්කොට්හි දී පිරිසක් එක්ව ශ්‍රී ලාංකිකයකුට පහර දී වදහිංසා පමුණුවා පුළුස්සා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිසිය ද එහි ගොස් ඇත.

සියල්කොට්හි වසිරාබාද් මාර්ගයේ දී මෙම ඝාතනය සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රියන්ත කුමාර නමැති 40 හැවිරිදි අයෙකි. ඔහු පකිස්ථානයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිට ඇත.

පොලිස් නිලධාරීන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ දැඩි මතදාරී අදහස් ඇතුළත් පෝස්ටරයක් ඉරා කුණු කූඩයට විසි කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුට පහර දී ඇති බවකි.

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ “ඉතාමත් භයානක ප්‍රහාරයක් බවයි. මෙය පකිස්ථානයට ලැජ්ජාවකි. මම මේ සම්බන්ධ පරීක්ෂණ අධීක්ෂණය කරමි” යනුවෙන් එම පණිවිඩයේ සඳහන් කර ඇත.

https://indianexpress.com/article/world/mob-lynching-blasphemy-sri-lankan-killed-7654648/

Related articles

Recent articles

spot_img