-5.9 C
New York

වික්ටෝරියා ජලාශයට කාරය පෙරැළී මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් දැයි සැකයක්

Published:

වික්ටෝරියා ජලාශයට කාරයක් පෙරැළී මියගිය තරුණයාගේ මරණය සැක සහිතයැයි ඔහුගේ මව විසින් මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගුරුදෙණිය ඉලුක්මෝදර පදිංචි අමිල ඒකනායක නමැති 30 හැවිරිදි තරුණයෙකි.

පසුගිය 27 වැනි දා රාත්‍රී ගුරුදෙණිය, ඉලුක්මෝදර ප්‍රදේශයේ දී මේ රථය වික්ටෝරියා ජලාශයට පෙරැළී තිබූ අතර එහි ගමන්ගත් දෙදෙනකු දිවි බේරාගෙන ඇත. මියගිය තරුණයාගේ සිරුර සොයා ගන්නා ලද්දේ පැය 12ක පමණ මෙහෙයුමකිනි.

මෙම අනතුරින් රියදුරා සහ ඉදිරිපස අසුණේ ගිය බව පවසන තවත් පුද්ගලයකු දිවි බේරාගෙන ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගිය තරුණයා පසුපස ආසනයේ සිටි බවයි. කුණ්ඩසාලේ සිට ඉලුක්කුඹුරට පැමිණෙමින් සිටිය දී කාරය ජලාශයට වැටුණු බව ද ඔවුන් කියා ඇත. ජලාශයේ ගිලී ගිය කාරය සොයා කිමිදුම් කරුවන් මෙහෙයුම් සිදුකළ අතර එය අඩි 40 ක් පමණ ගැඹුරු ජලයේ තිබී සොයාගන්නා ලදී. තරුණයාගේ සිරුර කාරයේ තිබෙනු ඇතැයි සිතුව ද එය කාරයේ නොතිබීම හේතුවෙන් සිරුර සොයා තවත් මෙහෙයුමක් දියත් කිරීමට සිදුව තිබිණි.

කෙසේ වෙතත් කාරයේ දොරවල් හතරම වැසී තිබූ බව ද පොලිසිය පවසයි.

මවගේ පැමිණිල්ල අනුව කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය නැවත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img