-4.8 C
New York

කලකට පසු විදේශ ආයෝජකයෝ කොටස් වෙළෙඳ පොළට මුදල් යොදති

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 49,483ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,479ක් බවට පත්විය.

අද දිනයේ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 157කින් පහළ ගිය අතර එය ඒකක 11,252ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,216යි, එක්ස්‍‍පෝ ලංකා සමාගම රුපියල් මිලියන 825යි, කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 754යි ලෙස ද දිනයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 85යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 14යි, කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 14යි ලෙස කැපී පෙණිනි

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 554ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 465 ඉක්ම වූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද,  රුපියල් බිලියන 324 ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 07ක් රුපියල් 150.00 බැගින් ද එන්ඩීපී බැංකුව කොටස් ලක්ෂ 04ක් රුපියල් 70.50 බැගින් ද හුවමාරු විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඊ චැනලින් සමාගම 24%කින් ද, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 24%කින් ද, ලංකා හොස්පිට්ල් සමාගම 12%කින් ද ප්‍රධාන විය.

විදේශීය අ‍ායෝජකයන් විසින් රුපියල් මිලියන 175ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 24ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී පමණක් ශුද්ධ ලෙස රුපියල් මිලියන 152ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට ඇතුළත් වී ති‍බිණි.

අද දිනයේ විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 105යි, එක්ස්පෝ ලංකා සමාම රුපියල් මිලියන 20යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 08යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 07යි, සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 06යි, බෝගොල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 03යි, ඩිප් ප්‍රඩක්ට් සමාම රුපියල් මිලියන 2.4යි, සීඅයිසී සමාගම සහ නෙස්ලේ සමාගම රුපියල් මිලියන 1.4 බැගින් ද ගනුදෙනු විය.

2021 වසරේ අද දිනය දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළට විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 32.054ක මුදලක් අලුතෙන් එක්කර ඇති අතර රුපියල් බිලියන 82.243ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. මෙම වසර තුළ දී අද දක්වා විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇති මුදල් රුපියල් බිලියන 50.189කි.

Related articles

Recent articles

spot_img