spot_img
spot_imgspot_img

මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින සැකකරුවන් ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (02) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කළේ මහින්ද විද්‍යාලයේ හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ පාසලේ සංවර්ධන නිලධාරිනියකි.

ගාමිණී ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙම නඩුවට අදාල චෝදනා පොදු දේපළ පනත යටතට ගත නොහැකි  පොදු දෙපළ පනත යටතට ගැනෙන්නේ කවරක් ද යන්න පිළිබඳ එම පනතේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් පාසල් සංවර්ධන සමිතියේ ගිනුම සමිතියක ගිනුමක් පමණක් බවත්, රජයේ විගණනයට යටත්වන සියල්ල පොදු දේපළ නොවන බවත් කියා සිටියේය. එමෙන්ම පොලිසිය ගාමිණී ජයවර්ධන අධිිකරණයට ඉදිරිපත් කිරිමේ දී දෝෂ සහිත වාර්තා ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. දැනට අහෝසි කරන ලද චක්‍රලේඛයකින් සහකාර පොලිස් අධිිකරීවරයා විසින් මෙය සහතික කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්ස කීවේය.

ඔහු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ පොදු දේපළ පනත යටත්‍තේ මෙම චෝදනා ගොනු කළ නොහැකි බවට තමන් ඉදිරිපත් කරන ලද ප්‍රකාශ සළකා බලා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසයි. එම‍ෙන්ම අනෙක් සැකකාරිය ද ඒ සමඟම ඇප ලැබිය යුතුයැයි තමන් විශ්වාස කරන බවත් ඔවුන් එක්ව සිටි පුද්ගලයන් බැවින් එක්ව ඇප ලබාදීමේ ගැටලුවක් නැති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේම අතර සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණයේ දී කරුණු දැක්වූ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා කියා සිටියේ තම සේවා දායිකාව පාසලේ සංවර්ධන නිලධාරිනියක් බවයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව චෙක්පත් ලිවීම හෝ ඊට අදාල වවුචර සැකසීම සංවර්ධන නිලධාරිනියකගේ කාර්යභාරයක් නොවූව ද තම ආයතන ප්‍රධානියා විසින් පවරා ඇති රාජකාරියක් පමණක් ඇය ඉටුකර ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

ඇය චෙක්පත්වල අත්සන් නොතබන බවත් අත්සන් කරන්නේ පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස විදුහල්පතිවරයා සහ භාණ්ඩාගාරිකවරිය බවත් ඇය කරන්නේ අණ ඉටුකිරීමක් බවත් දැන දැන ම මේ වංචාව පිළිබඳ පැමිණිළි ලැබුණු විට පොලිිය පළමු සැකකාරිය ලෙස ඇය කැඳවීමෙන් වරදක් කර ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය.

තව ද, ඇයට මේ චෙක්පත්වලින් මුදල් ලබාගත නොහැකි බවත් ඇයට යම් අයකුට ලැබිය යුතු මුදලට වඩා වැඩි මුදලක් පාසලෙන් ලැබී ඇත්නම් එය ගත් තැනැත්තා ද වරදකරුවකු බවත් කියමින් නීතිඥවරයා ඉල්ලා සිටියේ බැලූ බැල්මට ඇයට නඩු නිමිත්තක් නොමැති බැවින් ඇය ඇප මත නිදහස් කරන ලෙසයි.

පොදු දේපල පනත යටතේ ඇය වරදක් කර නැතැයි ද නීතිඥවරු කියා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ කියා සිටියේ පාසල් සංවර්ධන සමිතියේ ගිනුම යනු රජයේ අරමුදල් ලැබෙන, රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යටතේ පාලනය වන ආයතනයක විගණනය වන සහ රජයේ මුදල් රෙගුලාසි හා චක්‍රලේඛක අනුව පවත්වාගෙන යන ගිනුමක් බවයි. එබැවින් එහි ඇත්තේ රාජ්‍ය මුදල් බැවින් මෙය පොදු දේපළ පනත යටතේ වරදක් ලෙස සැළකිය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා දීමේ දී ඒ පිළිබඳ සළකා බලන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙම පරීක්ෂණය චෙක්පත් 34ක් සම්බන්ධයෙන් පවරා ඇති බවත් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ඇත්තේ චෙක්පත් 06ක් සම්බන්ධයෙන් පමණක් වන අතර මෙම සැකකරුවන් විසින් වංචා කරන ලද මුදල් සහ දේපළ සොයාගැනීම සඳහා බැංකු සහ මූල්‍ය ආයතනවල ගිනුම් පරීක්ෂා කිරීමට ද අවශ්‍ය අතර මෙම සැකරකුවන්ට ඇප ලබාදුනහොත් ඇප පනතේ 14.1 සහ 14.2 වගන්ති යටතේ සාක්ෂි කරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව ද නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ පෙපන්වාදුන්නේය.  පරීක්ෂණ අවසන්ව නොමැතිවීම සහ මෙම විශාල මුදල් වංචාව හේතුවෙන් මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි කැළඹීමක් ඇති අතර ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය

මෙහි දී ජනාධිපති නීතඥ කාලිිංග ඉන්ද්‍රතිස්ස විසින් පාසල්වල සිද්ධීන් ආදි ශිෂයන් අතර දැඩි ආන්දෝලනාත්මක වන බවත් විශේෂයෙන් ම 1892 දී ඕල්කොට් තුමා විසින් මහින්ද විද්‍යාලය ආරම්භ කළ බවත් ප්‍රකාශ කරන ලදී. ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භක වර්ෂය අධිකරණයේ දී අනිකුත් නීතිඥවරුන්ගෙන් විමසූ අවස්ථාවේ ගාමිණී ජයවර්ධන වෙනුයෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් එහි ආරම්භක වර්ෂය පිළිබඳ පැහැදිළි පිළිතුරක් ලැබුණේ නැත.

එහි දී ජනාධිපති නීතිඥ ඒ.පී.ජී.සරත්චන්ද්‍ර කියා සිටියේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භය පිළිබඳ “ලොකු යුද්ධයක්” පවතින බවයි.

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධතාව ප්‍රකාශ කළේය. ඔවුන් කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බැවින් සහ සැකකරුවන් අනෙකුත් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බැවින් ඇප ලබා නොදෙන්න යැයි ඉල්ලා සිටින බවයි.

මේ අනුව ඉදිිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල, සැකකරුවන් දෙදෙනාම ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. එසේ වුව ද ඔවුන් රිමාන්ඩ් කරන්නේ මෙම නඩුව පොදු දේපළ පනත යටතට ගැනීමකින් තොරව බවත් ජානාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් සිිය දේශනයේ දී කියූ මෙය පොදු දේපළ පනත යටතට අදාළ නොවේ යැයි යන්නට ප්‍රතිිවිරුද්ධ කරුණු දැක්වීමත් පොලිසිය මීළඟ නඩු දිනයේ දී කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.

එබැවින් සැකකරුවන් රිමාන්ඩ් කරන්නේ පරීක්ෂණ කටයුතු අවසන්ව නොමැතිවීම හා සාක්ෂි කරුවන්ට යම් බලපෑමක් ඇතැවේයැයි යන කරුණු සැළකිල්ලට ගනිමින් බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් රජින්ද්‍ර නාරංගොඩ, විශ්වනාත් අරඹවෙල, ඉඳුනිල් හේවගේ, රංජිත් ප්‍රිියන්ත, ඒ.ඩී.සී.දර්ශන, මෙත්සිරි රත්නායක, ජයමිණි ජයතිලක සහ නිසංසලා තෙන්නකෝන් යන නීතඥවරු පෙනී සිටියහ.

පළමු සැකකරුවන සංවර්ධන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා යන දෙදෙනාය.

සැකකරු ගාමිණී ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ ඒ.පී.ජී.සරත්චන්ද්‍ර, ප්‍රදීප් මදනායක, හේමන්ත විතාරණ, චන්දන ගොඩකන්ද, සමිත් ගාල්ලගේ, අවන්ත නාගහවත්ත, දසුන් තරංග, යසස්වින් ගොඩකන්ද ඇතුළු නීතිඥවරු 18 දෙනෙක් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!