-4.8 C
New York

අප්‍රිකාවේ ඔමික්‍රෝම් ලංකාවේ තිබිය හැකියි

Published:

දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හමුවූ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී නැතැයි කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය ඇතැම්විට දැනටමත් රටට ඇතුළුවී තිබිය හැකි බවත් ජාන අනුක්‍රමිකතා විශ්ලේෂණ සඳහා තෝරාගත් සාම්පලවල එය නොතිබීම මෙතෙක් එම ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවීමට හේතුව විය හැකි බවත් නියේාජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

“මේ විකෘතිය ලෝක‍යේ බොහෝ රටවල පැතිරෙමින් තිබෙනවා. අපිට කියන්න බැහැ මෙය කොහෙත්ම ලංකාවට ඇවිත් නැහැ කියලා. ඒ වගේ ම එන්නේ නැහැ කියන්නත් බැහැ. නමුත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අතර දකුණු අප්‍රිකානු රටවලින් එන පිරිස් ඉතාමත් අඩු නිසා අපිට මෙය පැමිණීම ප්‍රමාද විය හැකියි. අපි විශ්ලේෂණය කරන්නේ අහඹු ලෙස තෝරාගන්නා සාම්පලවලින් පමණයි. ඒ නිසා නියැදියට හසුවන තරමට මේ ප්‍රභේදය සමාජයේ පැතිරෙන තුරු එය අපට හසුනොවන්න ඉඩ තිබෙනවා. ඔමික්‍රෝම් ප්‍රභේදය ලංකාවේ තිබෙනවා කියා හෝ ඕනෑම අවස්ථාවක පැමිණිය හැකියි මේ නිසා අපි සෞඛ්‍ය අංශ විදියට ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපරිමයෙන් අනුගමනය කරන්න කියා. රෝගය පැතිරීම වළක්වා ගත හැකි හොඳම ක්‍රමය එයයි.”

Related articles

Recent articles

spot_img