කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු 68,707ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 11,075ක් බවට පත්විය.
අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 30කින් පහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 11,409ක් ලෙස සටහන් විය.
වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,179යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,669යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 705යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 152යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 36යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 23යි ලෙස ද සටහන් විය.
අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 556ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 468ක් ඉක්මවා වටිනාකම වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද රුපියල් බිලියන 394ක් ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයට ද පත්විය.
අද දිනයේ එල්ඕඑල්සී සමාගමේ කෙටසක අගය රුපියල් 1,000.00 ඉක්මවීම වැදගත් සිදුවීමකි.
දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූ ඩයමන්ඩ් සමාගම (X) 33% ක් ද, රිසූස්එනර්ජි සමාගම 24%, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 20%ක් ලෙස ප්‍රමුඛ විය.
සංවෘත කවයතුළ එල්ඕඑල්සී සමාගමේ කොටස් 50,000ක් එකක් රුපියල් 1,000.00 බැගින් ගනුදෙනු විය.
විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 98ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 153ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 55ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
මෙම වසර තුළ දී මේ දක්වා, රුපියල් බිලියන 50.339ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගැනීමට විදේශ අයෝජකයෝ කටයුතු කර ඇත.
විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 09යි, රේණුක සිටි හොටෙල් සමාගම රුපියල් මිලියන 08යි, යුනියන් බැංකුව රුපියල් මිලියන 07යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02යි වශයෙන් ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 15යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 14යි, බයිරහාා ෆාම් සමාගම රුපියල් මිලියන 07යි රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 05යි ලෙස කැපී පෙණිනි.
අද දිනයේ විශේෂත්වය වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සියලු සමාගම්වල ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 05ක් ඉක්මවා යාමයි. දිනය අවසානයේ එය රුපියල් ට්‍රිලියන 5.085ක් ලෙස සටහන්ව තිබිණි.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)