ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිත පිලිපීන මැතිවරණයට පෙරාතුව තම වේදිකාවේ දේශපාලන ප්‍රචාරණය තහනම් කරන බව ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ.
2020 වර්ෂයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කිරීම සම්බන්දව එල්ල වූ විවේචන හමුවේ මෙම පියවර ගෙන ඇත.
මේ අනුව 2022 පෙබරවාරි 8 සිට මැයි 9 දක්වා කාලය තුළ පිලිපීනයේ ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකුගේ හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන හෝ විරුද්ධ වන මැතිවරණ වෙළඳ දැන්වීම්, Google හි පල නොකරනු ඇත.
2019 දී කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයේ දී සහ 2020 දී සිංගප්පූරුවේ මැතිවරණයක දී Google විසින් සිය වේදිකාවේ දේශපාලන වෙළඳ දැන්වීම් තහනම් කර තිබිණ.
වත්මන් ජනපති ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. ව්‍යවස්ථාව යටතේ ඩුටර්ටේට තවත් වාරයක් ඉල්ලා සිටීමට අවසර නොමැති නමුත් ඔහු සෙනෙට් සභිකයෙකු සඳහා පෙනී සිටිනු ඇත.
විශ්ලේෂකයන් පවසන්නේ Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා, 2016 දී ඩුටර්ටේගේ මැතිවරණ ජයග්‍රහණයට සහ පසුගිය වසරේ පැවති ඡන්ද විමසීමේදී උපකාරී වී ඇති බවයි.
අග්නිදිග ආසියානු රටවල දේශපාලන සටන් බිමේ ප්‍රධාන මෙවලමක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති අතර අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ පිලිපීන ජාතිකයන් සමාජ මාධ්‍ය පරිහරණය කරන කාලය සම්බන්දව ගෝලීය ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම සිටින බවයි.