-5.9 C
New York

කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි

Published:

කොළඹ කොටස් වෙ‍ළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම අගය අද දිනයේ වාර්තා කරමින් දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 238කින් ඉහළ ගිය අතර එය ඒකක 11,440ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,887යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,665යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 586යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 119යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 28යි, එක්ස්පැක්ට් සමාගම කොටස් මිලියන 17යි ලෙස ද ප්‍රමුඛ විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලිය 550ක් ඉක්මවමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 467ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද, රුපියල් බිලියන 427ක් ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එක්ස්‍ඇග්‍රෝ සමාගම 20%කින් ද, යුනියන් කෙමිකල් සමාගම 16%කින් ද, ලංකා මිල්ක් ‍ෆුඩ් සමාගම 15%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 281.00 බැගින් ද හේලීස් එම්ජීටී සමාගමේ කොටස් 625,000ක් රුපියල් 39.50 බැගින් ද සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගමේ කොටස් ලක්ෂ 18ක් රුපියල් 14.50 බැගින් ද ලංකා ලුබ්රිකන්ට් සමාගමේ කොටස් ලක්ෂ 15ක් රුපියල් 106.50 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 383ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 797ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනයේ දී රුපියල් මිලියන 414ක ශුද්ධ මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

මෙම වසරේ දී ප්‍රථම වරට අද දිනය දක්වා විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 50 ඉක්මවූ අතර එය බිලියන 50.283ක් බවට පත්විය.

විදේශීය ආයෝජකයන් විසින් අද කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 274යි, සෙලාන් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 19යි, බහිරා ෆාම් සමාගම රුපියල් මිලියන 7.6යි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 4.9යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.5ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කිල්ස් සමාගම රුපියල් මිලියන 348යි, ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 230යි, කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 61යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 24ක් සහ කැලණි වැලි වැවිලි සමාමගම රුපියල් මිලියන 15ක් ලෙස සටහන් විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img