-5.9 C
New York

ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය.

අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 04කින් ඉහළ ගිය අතර එය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 11,202ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලින 1,863යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,203යි, එක්ස්පැක් සමාගම රුපියල් මිලියන 935යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 90ක් ද, එක්ස්පැක් සමාගම කොටස් මිලියන 43ක් ද, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 35ක් ද ලෙස ගනුදෙනු විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ බිලියන 400 ඉක්ම වූ පළමු සමාගම වශයෙන් වාර්තාගත එක්ස්පෝ ලංකා සමාගමේ වත්කම් රුපියල් බිලියන 515ක් ඉක්මවමින් ස්ථාවරව බිලියන 500 ඉක්ම වූ කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රථම සමාගම ලෙස වාර්තා අතරට එක්විය.

බිලියන 431ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයටත්, බිලියන 414ක් ඉක්ම වූ කොමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයටත් පත්විය.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ඇක්සස් ඉන්ජිනියරිං සමාගමේ කොටස් මිලියන 02ක් රුපියල් 29.00 ලෙස ගනු දෙනු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර පීපල්ස් මර්චන්ට් බැංකුව ® කොටස් මිල 500%කින් ද, එක්ස්පැක්ට් සමාම කොටස් මිල 30%කින් ද, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 24%කින් ද කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 109ක කොටස් විකුණාතිබේ. ඒ අනුව අද දිනයේ පමණක් විදේශීය අ‍ායෝජකයන් විසින් රුපියල් මිලියන 12ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ඩයලොග් සමාගම රුපියල් මිලියන 15යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 10යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07යි. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 05යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03ක් ලෙස ද විදේශීය අයෝජකන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 20යි, ඇස්කොටස් සමාගම රුපියල් මිලියන 09යි ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 07යි, සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 5.2යි මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 5.1යි ලෙස ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ දැනට පවතින වටිනාම සමාගම වන එක්ස්‍පෝ ලංකා සමාගමේ වර්ධනය කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ අද්විතීය වාර්තාවකට හිමිකම් කියනු ලබයි. මක් නිසාද යත් එක්ස්පෝ ලංකා සමාගම කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ගුවන් සහ නැව් ගාස්තු අධික ලෙස ඉහළ යාමෙන් විශාල විදේශ විනිමය ලාභයක් ලබාගන්නා අතර පසුගිය මාස තුනක දී පමණක් එක්සපෝ ලංකා සමාගමේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 12ක් ඉක්මවීය. දැනට ගතවන කාර්තුවේ දී එක්ස්පෝ ලංකා සමාගමේ ලාභය රුපියල් බිලියන 20ක් ඉක්මවනු ඇතැයි බොහෝ ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි. එක්පෝ ලංකා සමාගමේ කළමනාකරණය උපයන අධිික ලාභ මගින් තම ව්‍යාපාර දකුණු අප්‍රිකානු රටවල් වෙත ව්‍යාප්ත කර ඇති අතර ඒ අනුව එම සමාගමේ ඉදිරි අනාගතය ද වඩාත් ස්ථාවර වී ඇත.

2020 නොවැම්බර් මාසයේ දී එක්ස්පෝ ලංකා සමාගමේ කොටසක් රුපියල් 24.80 බැගින් රුපියල් මිලියනයක කොටස් මිල දී ගත් ආයෝජකයකුට අද දිනයේ එහි වටිනාකම රුපියල් මිලියන 10.08ක් වෙයි.

පවතින වාතාවරණය යටතේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන සමාගම්වල කොටස් කෙරෙහි කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි දැඩි ඉල්ලුමක් හටගනෙ ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img