-2.1 C
New York

පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි

Published:

මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී ජයවර්ධනගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමේ නියෝයක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවෙල අද (29) නිකුත් කළේය.

ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශ‍ය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එක් සැකකාරියක් මේ වනවිට රිමාන්ඩ් කර ඇති බවත් තවත් ප්‍රධාන සැකකරුවකුවන හිටපු වැඩ ආවරණය කළ විදුහල්පතිවරයා පොලිසිය මඟහරිමින් සිටින බව පොලිසිය අද විවෘත අධිකරණයේ දී කරුණු දැක්වූවේය. මේ වනවිට ඔහු පදිංචි නිවසින් පළා ගොස් ඇති බවත්, එම සැකකරු විදේශගත වීමේ උත්සාහයක නිරතවන බවටත් තොරතුරු ඇති බැවින් ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස ද පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුනව ඒ අනුව මැදගම ගමගේ ගාමිණී ජයවර්ධන නම් සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස ද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධ වැඩිදුර විභාගය ලබන 02 වැනි දින පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img