-2.1 C
New York

ඔමික්‍රෝන් කොරෝනා විකෘතිය ලොව පුරා පැතිරෙයි ?

Published:

අප්‍රිකාවනේ පළමු වරට සොයාගත් ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් ගණනාවකින් වාර්තා වී ඇත.

කැනඩාවේ ඔටාවා නුවරින් දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් දෙදෙනා ම නයිජීරියාවේ සිට කැනඩාවට පැමිණි අය බව තහවුරු වී ඇත. මොසැම්බික් සිට ඉතාලියට පැමිණි අයකු ද ඔමික්‍රොන් ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

මේ අතර ඩෙන්මාර්කයෙන් ද ඔමික්‍රොන් ආසාදිතව දකුණු අප්‍රිකාවේ සිට පැමිණි දෙදෙනකු වාර්තා වන අතර ජර්මනියෙන් දැනට ආසාදිතයන් තුන් දෙනකු වාර්තා වී තිබේ. එලෙස ජර්මනියෙන් වාර්තා වූ තුන්වැන්නේ අප්‍රිකාවේ සිට පැමිණි කාන්තාවකි.

ඇමෙරිකාවේ ඉහළම වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆෝචි පැවසුවේ නව ප්‍රභේදය සමග සටන්වැදීම සඳහා අමෙරිකානු ජනතාව සූදානමින් සිටිය යුතු බවය. කෙසේ නමුත් එය පාලනයට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන්ම පැවසිය නොහැකි බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසන්නේ නව වෛරස ප්‍රභේදය මුල්කරගෙන සිය රටට එරෙහිව සංචාරක තහනම් පැනවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකීරීමට පත්වී සිටින බවය.

එය අසාධාරණ ක්‍රියාවක් බැවින් වහාම සංචාරක සීමා ඉවත් කරගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related articles

Recent articles

spot_img