-2.1 C
New York

පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි

Published:

අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බවයි. පවතින අධික වර්ෂාව හේතුවෙන් පස් ඉවත්කිරීම ද අසීරු වී ඇත.

මේ අතර ගලිගමුව යට්ටෝගොඩ හා අඹන්පිටිය අතර මහනුවර මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ද දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

Related articles

Recent articles

spot_img