-5.9 C
New York

අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි

Published:

අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝ‍පයෙන් ද වාර්තා වී තිබේ.

ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය නොකළ අයකු වීම ද විශේෂත්වයි. නමුත් ඇය තුර්කියේ සහ ඊජිප්තුවේ සංචාරය කර පැමිණ තිබිණි.

මීට අමතරව ජර්මනියේ සහ චෙක් ජනරජයේ ද වාර්තා වූ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ අය යැයි සෞඛ්‍ය බලධාරීන් සැකකරයි. එම ආසාදිතයන්ගේ ද ජාන අනුක්‍රමික වාර්තා ලබාගැනීමට යොමුකර ඇත.

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය බලා පැමිණි ගගුවන් මගීන් 600 දෙනකුගෙන් 61 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ අය බවට සැකයක් පවතී. මේ වනවිට ඔවුන් දැඩි ආරක්ෂිත නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති අතර ඔවුන්ගේ ද ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කර තිබේ.

දැඩි විකෘතිභාවයකින් යුත් මෙම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව එන්නත් ප්‍රතිශක්තිකරණය මගහැරීමේ සම්භාවිතාව සීයයට 40කින් වැඩි යැයි පර්යේෂකයෝ කියති.

Related articles

Recent articles

spot_img