-5.9 C
New York

කො‍ටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (26) දිනයේ ගනුදෙනු 59,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,145ක් බවට පත්විය.

දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 171කින් ඉහළ ගිය අතර එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම අගය සටහන් කිරීම ඒකක 11,197ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,766යි, එක්සපෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,140යි, ඇස්කොට් සමාගම රුපියල් මිලියන 688යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 132ක් ද, ඇස්කොට් සමාගම කොටස් මිලියන 26ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14ක් ලෙස ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් මිලියන 483ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම ප්‍රථම ස්ථානයේ ද, රුපියල් බිලියන 441ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද , රුපියල් බිලියන 414ක් ඉක්ම වූ කොමර්ෂල් ලීසිං සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම 30%කින් ද, ලංකෙම් සිලෝන් සමාගම 22%කින් ද, කිස්වර්ල්ඩ් සමාගම 20%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ සම්පත් බැංකුවේ කොටස් ලක්ෂ 06ක් රුපියල් 55.00 බැගින් ද, ඇස්කොට් සමාගම කොටස් ලක්ෂ 15ක් රුපියල් 25.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 114ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 392ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස රුපියල් මිලියන 278ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය අයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 23ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10ක් ද, රෝයල් සෙරමික් සමාගම රුපිියල් මිලියන 09ක් ද, ක්‍රිස්වර්ල්ඩ් සමාගම රුපියල් මිලියන 1.9ක් සහ ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 1.4ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඇස්කොට් සමාගම රුපිියල් මිලියන 263ක ද, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 17.6ක ද, බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 12ක ද, හේලීස් ෆැබ්රික් ආයතන සහ සන්ශයින් හෝල්ඩින් සමාගම රුපිියල් මිලියන 05 බැගින් ද කැපී පෙණිනි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img