spot_img
spot_imgspot_img

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්. කොරෝනා බෝ කරන අය සමාජය පුරාම

පුවත්

විදෙස්

කොරෝනා රෝගය බෝකරන පුද්ගලයන් රැසක් සමාජයේ සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (26) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළැඹෙන උත්සව කාලයේ දී වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ක්‍රියාකිරීම අත්‍යාවශ්‍ය බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි දිනකට පීසීආර් පරීක්ෂණ 5,000ක් පමණ කරනවා. පීසීආර් කළාම හමුවන්නේ රෝගය වැළඳී තිබෙන අය පමණයි. නමුත් අවශ්‍ය වන්නේ රෝගය වැළඳෙන්නේ නැතිව ආරක්ෂාවීම. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම ඉතාමත් අවශ්‍ය දෙයක්. එන්නත් ලබාදී තිබෙන නිසා තමන්ට රෝග ලක්ෂණ නැතිව වෙනත් අයට කොරෝනා බෝකරන විශාල පිරිසක් සමාජයේ ඉන්නවා. මේ වනවිට මරණ සංඛ්‍යාව වැඩිවීමෙන් ම ඒ බව පැහැදිලියි. අපි පරීක්ෂණ කරලා හොයාගන්නා විට පරක්කු වැඩියි. ඉදිරියේ දී එන නත්තල්, අලුත් අවුරුදු ඇතුළු උත්සව කාලය නිසා මේ තත්තවය වඩාත් දරුණු වේවි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!