-5.9 C
New York

අත්අඩංගුවේ සිටි සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

Published:

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නමැති පුද්ගලයකු කළුතර උතුර දියගම දී පොලිස් වෙඩිපහරින් මියගොස් තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතියට පරිභාහිරව මරා නොදමන ලෙස මානව හිමිකම් කොමිසම සහ නීතිඥවරු ඊයේ (25) ඉල්ලීම් කර තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා මිනී මැරීම් ඇතුළු අපරාධ 13කට සම්බන්ධ අයකු බවයි. සැකකරු විසින් ඝාතනයකට යොදා ගත් බවට පැවසෙන ගිනි අවියක් සොයා කළුතර උතුර දියගම ප්‍රදේශයට පොලිස් නිලධාරීන් සමඟ ගිය බවත් එම අවස්ථාවේ දී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට ගත් උත්සාහයේ දී පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පොලිසියේ දෙදෙනකුට ද තුවාල සිදුව ඇතැයි පැවසේ.

Related articles

Recent articles

spot_img