-4.8 C
New York

“මාධ්‍යවේදීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඕනෑ” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Published:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරැළීමෙන් සිදු වූ අනතුර වාර්තාකිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී බාධා කිරීමේ සිද්ධිය තරයේ හෙළා දකින බවත් මේ සම්බන්ධ විධිමත් පරික්ෂණයක් පවත්වා වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා සහ ලේකම් හනා ඉබ්‍රහිම් දෙදෙනාගේ අත්සනින් මේ සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

පහරදීමට ලක්ව ඇත්තේ ලේක්හවුස් සහ තිනකරන් ආයතනයේ ප්‍රාදේහීය වාර්තාකරු අබ්දුල් සලාම් මොහොම්මදු යාසිම්ය. ඔහුගේ වාර්තාකරණ දත්ත ඇතුළත් ජංගම දුරකථනය ද පහරදුන් පිරිස් විසින් පැහරගෙන ගොස් ඇත.

මාධ්‍යවේදී යාසිම්ට පහරදෙන අවස්ථාවේ දී ශක්ති නිවුස් ෆස්ට් වාර්තාාකරු එච්.එම්.හාලාල්ඩීන් සහ තිනකරන් මාද්‍යවේදී ඒ.එල්.එම්.රෆයිඩීන් දෙදෙනාට ද පහර දී වාර්තාකරණට බාධා එල්ල කර ඇත.

මෙම සිදුවීම සමාජය වශයෙන් වගවීම ප්‍රශ්න කෙරෙන ඉතාමත් සංවේදී කරුණක් බැවින් ඊට අදාල සියු කරුණු නිවැරදි හා සත්‍ය ලෙස වාර්තා කිරීමට ජනමාද්‍යයට ඇති අයිතිය කිසිදු පාර්ශවයක් විසින් ප්‍රශ්න කිරීමට හෝ අවහිර කිරීමට ‍ලක් නොකළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි. එබැවින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය කාරණයට බාධා කරමින් ඔවුන්ට පහරදුන් පුද්ගලයන් කවුරුන් වුව ද නීතිය යථා පරිදි ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු පිරිස් නීතිය හමුවට පමුණුවන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img