මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන සඳහා අදාළ වන නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීමට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, අලෙවිකරණ ආයතන, අධ්‍යාපනික ආයතන, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සම්නවිත කමිටුවක් පත්කරන බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා යෝජනා කර තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමුකරන බව ද අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මෙවැනි කාර්යයක් සිදුකරන්නේ වෘත්තීය නිපුණතාක් සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහිකිරීමට අවශ්‍ය පසුබිමක් සැකසීමට බවයි.
සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බවද කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.