-5.9 C
New York

සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී

Published:

සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය.

මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින් විජේසිංහ කලක් රෝගාතුරව සිටි බව ඔහුගේ ඥාතීන් පවසයි.

සිංහරාජයට යාබද පෙතිය කන්ද ගම්මානයේ සිටි සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නමැති යුවලගේ පවුලේ වැඩිමහලු දරුවා ලෙස 1939 දෙසැම්බර් මස 24 වැනි දා උපන් ඔහු මියයන තුරුම සිංහරාජ මහ වනය වෙනුවෙන් ම කැපවී සිටියේය.

වනාන්තරයේ ශාක හා සතුන් ගැන ඉතාමත් හොඳ අවබෝධයකින් සිටි මාටින් විජේසීං දේශීය හා විදේශීය පර්යේෂකයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් මඟ පෙන්වන්නකු මෙන් ම උපදේශකයකු ද වූයේය.

rata.lk වෙබ් අඩවියේ අපි ඔහුට උපහාර පිණිස 2021 අප්‍රේල් මස තැබූ සටහනක් පහතින් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img