-5.9 C
New York

මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට

Published:

මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඔවුන් පවසන්නේ 2022 මාර්තු වන විට යුරෝපා කළාපයේ රටවල් 49ක පමණ දැඩිසත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යනු ඇති බවයි.

එන්නත් නොකළ පුද්ලයින් සහ ඩෙල්ටා ප්‍රබේදයේ ව්‍යාප්තිය යුරෝපා කළාපයේ ඉහල රෝගී අනුපාතය පිටුපස ඇති ප්‍රධාන සාධක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

යුරෝපයේ කොරෝනා රෝගීන් නැවතත් සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර ඔස්ට්‍රියාව මේ වනවිටත් අගුලු දමා තිබේ. තවත් බොහෝ යුරෝපීය රටවල් සීමා පැනවීම් ආරම්භ කර තිබේ.

කෙසේවුවද නෙදර්ලන්තය වැනි සමහර රටවල මෙම නව සීමා කිරීම් වලට එරෙහිව විරෝධතා පවත්වනු ද දක්නට ලැබිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපා කළාපයේ මරණ වලට ප්‍රධාන හේතුව කොරෝනා ආසාදනය බවයි. යුරෝපා කළාපයේ පමණක් දිනකට කොරෝනා මරණ 4,200ක් පමණ සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති. එය පසුගිය කාලයට වඩා දෙගුණයක වැඩිවීමකි.

රුසියාවේ පමණක් කොරෝනා ආශ්‍රිත දෛනික මරණ සංඛ්‍යාව 1,200ක් පමණ වෙයි.

මරණ වලක්වා ගැනීමට සහ මෙම ව්‍යසනයෙන් ඉවතට ගමන් කිරීමට සියලු දෙනාටම වගකීමක් සහ අවස්ථාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ හෑන්ස් ක්ලූග් මේ සම්බන්දව අදහස් දක්වමින් පැවසීය. මෙම රෝගය හේතුවෙන් ආර්ථිකයට සහ සමාජයට ඇතිවී තිබෙන බලපෑම අවම කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

https://www.bbc.com/news/world-europe-59397182

Related articles

Recent articles

spot_img