-2.1 C
New York

2014 දී රසායනික ද්‍රව්‍යවලට පැනවූ තහනමක් ඉවත් කරයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක භාවිතා කිරීමට තහනම් කර තිබූ රසායනික ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් විසින් අතිවිශේෂ ගැස්ට පත්‍රයක් අද (22) නිකුත් කර තිබේ.

රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර පදනම් කරගත් හිරිත කෘෂිකර්මාන්තයක් බව ‍ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පොහොර භාවිතය පිළිබඳ විශේෂ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර සිටිය දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ගැසට් නිවේදනයක් මගින් තහනම ඉවත්කරනු ලැබ ඇතේ 2014 වර්ෂයේ දී එවකට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වූ ආචාර්ය ජී.ඒ.ඩබ්ලිව්.විජේසේකර විසින් 2014 දෙසැම්බර් 22 වැනි දා නිකුත් කරන ලද 1894/4 දරණ ගැසට් නිවේදනයයි.

2014 දී අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්ක තුළ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් භාවිතය තහනම් කර තිබිණි.

අද නිකුත් කළ ගැසට් නිවේදනය මගින් එම තහනම ඉවත් කර තිබේ.

Related articles

Recent articles

spot_img