ලෝක ජනගහණයට අති විශාල බලපෑමක් කළ මාරාන්තික වසූරිය වයිරසයේ සාම්පල කිහිපයක් ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් සන්තකයේ අනවසරයෙන් තබාගෙන සිටිය දී හමුවීමෙන් මේ වනවිට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.
මෙම සාම්පල හමුවී ඇත්තේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ පිහිටා ඇති “මර්ක්” නමැති ඖෂධ සමාගමක අධි ශීතකරණයක ගබඩා කර තිබිය දී ය. ඇමෙරිකාවේ ඇමෙරිකානු මධ්‍යම ඔත්තුසේවා (FBI) මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වැරියෝලා නමින් හඳුන්වන වසූරිය ඇතිකරන වයිරසය එන්නතක් භාවිතයෙන් ලෝකයෙන් සාර්ථකව තුරන්කිරීමෙන් පසු එම වයිරසයේ සාම්පල නීත්‍යානුකූලව තැන්පත් කර ඇත්තේ ස්ථාන දෙකක පමණි. ඇමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ පිහිටි ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වාගැනීමේ ආයතනයේ මූලස්ථානයේ සහ රුසියාවේ ක්ලේට්ස්වෝ හි “වෙක්චෝර්” අධි ආරක්ෂිත පර්යේෂණාගාරයේ හැර වෙනත් කිසිම තැනක මෙම වයිරසයේ සාම්පල තබාගැනීමට අවසරයක් නැත.
වසූරිය හේතුවෙන් ලෝක ජනගහණයෙන් කෝටි 03ක පමණ පිරිසක් 1900-1910 අතර කාලයේ දී මිය ගොස් ඇත. මෙතෙක් ලොව දරුණුතම වසංගතය ලෙස වසූරිය සැළකෙයි.



