spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකික පවුලක හතර දෙනෙක් එංගලන්තයේ දී ගින්නකට බිලිවෙති. දරුවන් දෙදෙනකුත් ඒ අතර

පුවත්

විදෙස්

එංගලන්තයේ බෙක්ස්ලිහීත් හි නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකීකයන් හතර දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකොණදිග ලන්ඩනයේ පිහිටා ඇති මේ නිවසේ ගින්න පසුගිය 18 වැනි දා රාත්‍රී 8.30ට පමණ හටගෙන ඇති අතර එම නිවසේ ජීවත් වූ නිරූබා නමැති කාන්තාවත් ඇගේ මව සහ වයස අවුරුදු 04ක් වූ තබීෂ් නමැති පුතු සහ වයස අවුරුද් 01ක් වූ ශස්නා නමැති දියණියත් ‍ගින්නෙන් මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ දී නිවසේ සිටි මියගිය කාන්තාවගේ සහෝදරයකු ජනේලයෙන් පිටතට පැන දිවි ගලවාගෙන ඇතත් ඔහුගේ කකුලක් කැඩී බරපතල තත්වයෙන් පසුවෙයි.

මියගිය කාන්තාවගේ සැමියා යෝගන් තංගවඩිවේල් පවසන්නේ රාත්‍රියේ තමන් සේවා ස්ථානයේ සිටිය දී දුරකථන ඇමතුමක් දුන් බිරිඳ “ගින්නක් ගින්නක්” යනුවෙන් මහ හඬින් කෑ ගැසූ බවයි දුරකථනය ඒ මොහොතේම විසන්ධි වූ අතර නිවසට යන විටත් ගිනි නිවන ඒකක පවා පැමිණ තිබූ බවත් ගින්නෙන් තම බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය මියගොස් සිටි බවත් ඔහු පවසයි.

මියගිය නැන්දණිය ඊට පසු දින යළි ශ්‍රී ලංකාව බලා යාමට නියමිතව සිටි බවත් ඔවුන් උඩුමහළට වී ගෙනයන භාණ්ඩ අසුරමින් සිටින්නට ඇති බවත් ඔහු පවසා තිබේ. දරුවන් දෙදෙනා නිදා සිටි ඇඳ මතම මියගොස් සිටි බව ගිනි නිවන ඒකකය පවසයි. ගිනි නිවන භටයන් නිවසට පැමිණ උඩු මහළේ ජනේලයකින් නැන්දණිය පිටතට ගෙන ඇතත් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකි වී නැත.

පොලිසිය පවසන්නේ යෝගන් තංගවඩිවේල් වසර 15ක පමණ කාලයක් එංගලන්තයේ ජීවත්වන බවයි. ඔහුට රැකියා කිරීමට බලපත්‍රයක් නැති බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

ගින්න ඇතිවූ නිවස ආසන්නයේ ම ඔවුන්ගේ පවුලේ ඥාතීන් කිහිප දෙනකු ම පදිංචිව සිටින අතර ඔවුන් මේ නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ මාස තුනකට පමණ පෙර බව ද පැවසේ.

https://www.dailymail.co.uk/news/article-10222331/First-picture-family-four-killed-horror-house-blaze-Bexleyheath.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!